Bhagavan Sri Sathya Sai Baba

Bhagavan Sri Sathya Sai Baba

Wednesday, November 23, 2011





මානව සේවාවේ අගය ලොවට පසක්‌ කළ සායිබාබා තුමා 

භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබාතුමාගේ 86 වන ජන්ම දිනය නිමිතිකොට ලියෑවෙන ලිපියකි.

භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබාතුමාණන් දක්‍ෂිණ දඹදිව් තලයේ පුට්‌ටපාර්ති නම් ග්‍රාමීය ප්‍රදේශයක මීට වර්ෂ 86 කට පෙර 1926 නොවැම්බර් මස 23 වැනි දින මෙලොව පහළ විය. සත්‍ය නාරායන රාජු යනුවෙන් පවුලෙන් නම් ලැබ වසර 14 ක්‌ පුරා සිය පවුලේ සාමාජිකයන් සමගින් කල් යෑවූ එතුමා 14 විය සපුරත්ම ලෝ වැසියන්ගේ සේවය පිණිස නිවසින් නික්‌ම ගියේය. සත්‍ය නාරායන ළදරුවා තමන් තවදුරටත් පවුලට පමණක්‌ සීමා නොවන බවත් දහස්‌ ගණන් ජනතාව සායි බාබාතුමාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටින නිසා ඒ සඳහා සැබෑ විමුක්‌තියේ ආලෝකයද රැගෙන සේවය පිණිස පිටත්ව යන බවත් පවසා සිය සේවයේ ආරම්භක පියවර තැබීය. සිය උපන් ස්‌ථානයට කිලෝමීටර එකහමාරක්‌ පමණ දුරින් පිහිටි ස්‌ථානයක ප්‍රශාන්ති නිලයමය (සැබෑ ශාන්තියේ නිවස්‌න අරුත් ඇති) පිහිට වූ සත්‍ය සායි බාබාතුමා සිය දිව්‍යමය මෙහෙවර ආරම්භ කරන ලද්දේ ඉතාමත් සීමිත බැතිමතුන් පිරිසක්‌ ද සමගිනි.

මෙම සේවාවේ ආරම්භය එතරම්ම සුන්දර නොවන්නේ එතුමාගේ මෙහෙවර නතර කරන්නට, කඩාකප්පල් කරන්නට විවිධාකාර වූ තාඩන පීඩන හා බාධාවන් කරන්නට පටන් ගැනීමත් සමගිනි. අනේක වූ සාවද්‍ය පුවත් පතුරවාලමින් සත්‍ය සායි නාමයට කැළැල් සිදු කරන්නට වෙර දරමින් ඔවුන් ක්‍රියා කළත් ඒ කිසිවකුට එතුමා විසින් කරන්නට පටන් ගත් කිසිදු සද්කාර්යයක්‌ නතර කරන්නට නොහැකි වූ බවත් අවසානයේ සිය පාපී ෙච්තනා අතහැර දමා යහමගට ක්‍රම ක්‍රමයෙන් පිවිසුණු බවත් එතුමාගේ ඉතිහාසය පිළිබඳ ලියෑවුණු පොත පතේ සඳහන් ය.

උන්වහන්සේගේ පරම මෙහෙවර වූයේ මිනිසාගේ මනුසත් ගුණයන් වර්ධනය කිරීමයි. සත්‍යය, ධර්මය, ප්‍රේමය, අහිංසාව මත පදනම් වූ සත්‍ය සායි බාබාතුමාණන්ගේ දර්ශනය ලොව කිසිදු සද්ධර්මයකට එරෙහි වූවක්‌ නොවන බව එතුමාගේ ඉගැන්වීම් සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී මනාව පසක්‌ වේ. අප තථාගත ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ සද්ධර්මයත්, යේසුස්‌ ක්‍රිස්‌තුන්වහන්සේ විසින් ඉගැන්වූ කිතුණුq දහමත්, සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ ධර්මයත්, පුරාණ හින්දු ඉගැන්වීම්වල සැබෑ අර්ථයත් ලෝ තලයේ බැතිමතුන්ට නිවැරැදිව, නිරවුල්ව වටහා ගැනීමට සත්‍ය සායි දර්ශනය ඉවහල් වන බව ලොව පුරා විද්වතුන් පවසා ඇත. සත්‍ය සායි බාබාතුමාණන් පවසන්නේ ඔබ බෞද්ධාගමික බැතිමතකු නම් ප්‍රතිපත්ති ගරුක, ධර්මය පිළිබඳ එළැඹි සිහියෙන් යුතුව මනා අවබෝධයක්‌ ලබාගත් ප්‍රායෝගිකව ඒ තුළ හැසිරෙන බැතිමතකු වන්න, ඔබ කිතුණුවකු, මුසල්මානුවකු, හින්දු භක්‌තිමතකු නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තමාගේ ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් එහි පිහිටුවන්න යන්නයි.

මෙම ඉගැන්වීම්වල ඇති සත්‍යවාදී බව නිසාවෙන්ම ඉතා ශීඝ්‍රයෙන් ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සත්‍ය සායි බාබාතුමාණන් වටා රොක්‌වන්නට විය. රොන් පිරි සුවÄති පුෂ්පයකට ඇදෙන බඹරුන් මෙන් මෙම පිරිස්‌ එතුමා වටා මෙසේ එක්‌වන්නට සත්‍යසායි බාබාතුමාණන්ගේ ලෝ සත හට දක්‌වන දිව්‍යමය මෛත්‍රිය හේතු සාධක වූ බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. ලෝකයේ රටවල් 203 කට අධික සංඛ්‍යාවක අද සත්‍ය සායි බාබාතුමාණන්ට නමස්‌කාර කරන සායි කණ්‌ඩායම් හා සායි මධ්‍යස්‌ථාන පිහිටා ඇත. එම කණ්‌aඩායම්, මධ්‍යස්‌ථාන හරහා කෙරෙන්නා වූ සමාජ මෙහෙවරයන් ද අතිමහත්ය. සත්‍ය සායි බාබාතුමාණන්ගේ ඉගැන්වීමට අනුව ඔබ එක්‌ පූජනීයස්‌ථානයක තනිව වන්දනාමාන කරමින් වැය කරනා කාලය ලෝ සත වෙත සේවය කරමින් දෙවියන් බුදුන්ගේ ධර්මයේ හැසිරේ නම් ඔබට ලැබෙන ආධ්‍යාත්මික සුවය සැනසුම අති මහත් වනු ඇත. එමෙන්ම එම සේවාවන් තුළින් තමාගේ ආගමික ශාස්‌තෘවරයාට නමස්‌කාර කිරීම වඩාත් අගනා බව එතුමා වැඩිදුරටත් පවසයි.

මානව සේවයේ වටිනාකම අරුත් බරව වටහාදීමට එතුමා දේශනා කළ සත්‍යයේ දර්ශනය ප්‍රායෝගිකව භාවිත කළ අවස්‌ථාද අති සුලභය. මාගේ ජීවිතය මාගේ පණිවුඩය මේ යෑයි නිරන්තරයෙන් පැවසූQ සත්‍ය සායි බාබාතුමාණන් ලොව උසස්‌ම තාක්‍ෂණික මෙවලම් හා නවීන යන්ත්‍රොaපකරණ සහිත ආරෝග්‍යශාලා 3 ක්‌ ඉන්දියාවේ ස්‌ථාපිත කර ඇති අතර 1000 කට අධික වෛද්‍ය සේවා මධ්‍යස්‌ථාන ඉන්දියාව පුරා නොමිලේ සේවාවන් සැපයීම පිණිස ක්‍රියාත්මක කරමින් තිබේ. මෙම සේවා සියල්ල සැපයෙන්නේ ජාතිය, ආගම, කුලය හෝ සමේ වර්ණය මත පදනම් නොවූ සැබෑ මානව දයාවෙනි. ඒ අතරම දුගී ජනතාවට නිවාස, දිනපතා ආහාර මෙන්ම දුෂ්කර ගම්මානයන්ට සත්‍ය සායි ජල ව්‍යාපෘතිය යටතේ නොමිලේ විශාල ජල සැපයුම් ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරයි. දිළිඳු දක්‍ෂ දරුවන්ට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ගමන් කිරීමට පාසල්, විශ්වවිද්‍යාලයන් ද පිහිටුවා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන අතර අද ලොව උසස්‌ම විශ්වවිද්‍යාල නාමාවලියේ සත්‍ය සායි උසස්‌ අධ්‍යාපන විශ්වවිද්‍යාල සංකීර්ණය ප්‍රමුඛස්‌ථානයක පැවතීම තුළම එහි ඇති විශිෂ්ටත්වය පසක්‌ කර ගැනීම අසීරු නොවේ.

ඉන්දියාවේ සැරි සරන ඕනෑම අයෙකුට මෙම සාමාජයීය සායි ව්‍යාපෘති සියෑසින් දැක බලා ගැනීමට හැකියාව ඇති අතර එම සේවා දැකීමෙන් සත්‍ය සායි බාබාතුමාගේ යුග මෙහෙවර සම්බන්ධයෙන් සිත්හී පහන් හැඟුමන් ඇතිවන්නේ නිරායාසයෙන්මය. 85 ස්‌a අවුරුද්දක්‌ පුරා කලියුගයේ සත්‍යාලෝකය ලෙසින් ලෝ වැසියන් හඳුනාගත් සත්‍ය සායි බාබාතුමාණන් ධර්මයෙන් ඈත් වන මිනිසුන් ධර්මයේ පිහිටුවන්නට දිවා රාත්‍රී නොබලා කටයුතු කළේය. විවිධ රටවල රාජ්‍ය නායකයන්, ආගමික නායකයන්, ප්‍රභූවරුන්, කලාකරුවන්, ක්‍රීඩකයන් මෙන්ම දුගී දුප්පත් අහිංසක පොදු ජනතාවත් එකසේ එතුමා වටා රොක්‌වෙමින් එතුමාට ආදරය කළෝය. ගෞරවය කළහ. එතුමාණෝ කිසිදු දිනෙක කිසිදු අයුරකින් කිසිදු ආගමික දර්ශනයකට පරිභව නොකළහ. සෑමවිටම සියලු ජාතීන්, ආගම් අතර එක්‌සත් බව, එක්‌ සිත් බව නංවාලීමට කටයුතු සම්පාදනය කිරීමට ක්‍රියා කළේය. පුට්‌ටපාර්තියේ ප්‍රශාන්ති නිලයමය තුළ ලොව සෑම ආගමික දිනයක්‌ම උත්සවාකාරයෙන් මෙන්ම මනා ආදර්ශවත් ලෙසින් සැමරීමටත්, එම ආගමික ශාස්‌තෘවරුන්ට ගෞරව දැක්‌වීමටත් සත්‍ය සායි තුමා ජනතාව යොමු කළේය. වෙසක්‌ උත්සවය, නත්තල් උත්සවය, හජ්ජි රාමසාන් උත්සව මෙන්ම බහු ආගමික උත්සවයන් සියල්ල ඒ ඒ රටවල සහභාගීත්වයෙන් වසරක්‌ පාසා පැවැත්වෙන්නේ ඉතාමත් අලංකාර අන්දමිනි.

සත්‍ය සායි බාබාතුමා පිළිබඳ පෘථග්ජන මිනිසාගේ තර්කබුද්ධියෙන් අවබෝධ කර ගැනීම අතිශය උගහටය. එතුමා සතු වූ දිව්‍යමය බලය අත්දැකීමෙන් දත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ ලොව නන්දෙස ජීවත් වන අතර ශ්‍රී ලංකාව තුළ ද බොහෝ බැතිමතුන් පිරිසක්‌ බොහෝ සමීපව එතුමාගේ බල මහිමය හා කරුණාව අත්දැක, අත්විඳ ඇත. ලොව කලින් කලට ශාස්‌තෘවරු බිහිවෙති. එසේ බිහිවන මෙම ශාස්‌තෘවරුනට අඩු වැඩි වශයෙන් අනුගාමිකයෝ හා බැතිමත්තු ද වූහ. නමුත් ජීවමාන ශාස්‌තෘවරයෙක්‌ වටා සමීප වූ මේ තරම් බැතිමතුන් හා අනුගාමිකයන් ප්‍රමාණයක්‌ පිළිබඳ මීට පෙර මානව ඉතිහාසයේ කොතැනකවත් සඳහන් නොවේ. වර්තමානයේ සත්‍ය සායි බැතිමතුන්ගේ සංඛ්‍යාව කෝටි 20 ද ඉක්‌මවා ඇති අතර තවත් බොහෝ දෙනා එතුමා පිළිබඳව ප්‍රසාදාත්මක අයුරින් ගරු බුහුමන් දක්‌වයි.

සත්‍ය සායි බාබාතුමාණන්ගේ දේවත්වය පිළිබඳව කතා කිරීමේදී තවත් සුවිශේෂ වූ කරුණක්‌ මෙම ලිපියේ සටහන් කිරීම වටියි. වර්තමානයේ බොහෝ දෙනා දන්නා පරිදි මිනිස්‌ ශරීරයෙන් ඇසට නොපෙනෙන රශ්මී කදම්භයක්‌ පිට වන බව නවීන විද්‍යාවෙන් විද්‍යාඥයන් සොයාගෙන තිබේ. කෙනකුගේ ශරීරයෙන් නිකුත් වන රශ්මියේ ප්‍රමාණය හා එහි වර්ණය ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මික දියුණුව හා සැසඳේ. රාග, ද්වේශ පාපී දේ පිළිබඳව නැඹුරු වූවන්ගේ සිරුරෙන් නික්‌මෙන රශ්මි කදම්භ කළු, අළු, රතු කළු වන් දම් වැනි අඳුරු වර්ණයන් ගනියි. නමුත් ආධ්‍යාත්මිකව දියුණු වූ මෛත්‍රිය වඩන සිත දියුණු කළ පුද්ගලයන්ගේ සිරුරු තුළින් නික්‌මෙන රශ්මි කදම්භයන් සුදු, කහ, රෝස, ලා නිල්, ලා දම්, කොළ හා රෝස වැනි සෞම්‍ය පැහැයන් ගනියි. එමෙන්ම සිරුරින් අඟල් කිහිපයක සිට අඩි කිහිපයක්‌ දක්‌වා දුර ප්‍රමාණයකට විහිදෙයි. මෙම රශ්මි කදම්භ පිළිබඳ දීර්ඝ කාලයක සිට පරීක්‍ෂණ පැවැත්වූ ලොව සුපතළ විද්‍යාඥයෙක්‌ ලෙස ඇමරිකා එක්‌සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය µ්‍රEන්ක්‌ බැරනොව්ස්‌කි මහතා ප්‍රමුඛස්‌ථානයක්‌ ගනියි. මෙම මහාචාර්යවරයා ලොව නන් දෙස වසන ප්‍රභූවරුන්, ආගමික නායකයන්, ශාස්‌තෘවරුන් වැනි චරිතයන්ගේ සිරුරු තුළින් නික්‌මෙන රශ්මි කදම්භ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් එහි විද්‍යානුකූලභාවය සොයන විද්වතෙකි. වරක්‌ ඉන්දියාවට පැමිණි මේ විද්‍යාඥයා මෙම රශ්මි කදම්භ ඡායාරූපගත කළ හැකි ඔහු විසින් සොයාගත් සුවිශේෂ කැමරාවක්‌ වන කිරිලියන් කැමරාවෙන් සත්‍ය සායි බාබාතුමාව ඡායාරූපගත කරමින් පරීක්‍ෂණයක්‌ සිදු කළේය. ඔහුගේ නිරීක්‍ෂණයෙන් පසුව එළැඹි නිගමනය මෙසේ විය. මෙම ශාස්‌තෘවරයාගේ සිරුරින් නික්‌මෙන රශ්මි කදම්භ විශ්මයජනක වේ, සුදු, රෝස පැහැගත් සෞම්‍ය රශ්මි කදම්භ අඩි කිහිපයක්‌ නොව අවසානයක්‌ නොපෙනෙන තරම් දුරකට ගමන් කරයි. එමෙන්ම මෙම රශ්මී කදම්බ ඒ අවට සිssටින මිනිසුන්ගේ ශරීර හරහා යමින් එම ශරීර සතු රශ්මි කදම්භ පෝෂණය කරයි. මෙසේ පැවසූ විද්‍යාඥ බැරනොව්ස්‌කි අවසානයේ සත්‍ය සායි දේවාත්මය පිළිබඳ පැහැදුණු බැතිමතකු බවටද පත් විය. ඔහුගේ මෙම පරීක්‍ෂණ හා නිගමන අදටත් අන්තර්ජාලය ඔස්‌සේ දැක බලා ගත හැක.

ලෝ වැසි ජනතාව පවින් දුකින් මුදවා විමුක්‌තිය උදා කරදීමට මනුෂ්‍ය වෙසින් මෙලොව පහළ වූ විශ්වශක්‌තියක්‌ ඇති සත්‍ය සායි බාබාතුමාණන් නිරන්තරයෙන් පවසන්නේ මිනිසා පවට නැඹුරු වන්නේ දෙවියන් බුදුන් කෙරෙන් දුරස්‌ත වීම නිසා බවත් දෙවියන් බුදුන් තම ජීවිතවලට සමීප කරගෙන ජීවත් වන විට පාපයේ ගැලීම නිරායාසයෙන්ම පිළිකුල් සහගත දෙයක්‌ බවට පත්වන බවත්ය. සත්‍ය සායි බාබාතුමාගේ නිරන්තර ඉගැන්වීම වූයේ පවින් ඈත්ව, යහපතට නැඹුරු වී, සේවයට කැපවී තමා තුළ සැඟව ඇති දේවත්වය අවදි කරගන්නා ලෙසයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් වදාළ ලෙසින් මහණෙනි, පරම රමණීය වූ නිර්වාණය පිහිටා ඇත්තේ බඹයක්‌ පමණ වූ ඔබේ ශරීරය තුළ බව සායි තුමාණන් ද එලෙසින්ම සිය ඉගැන්වීම් තුළින් අවධාරණය කරයි. මමත්වය ඉවත දමා උතුම් වූ බුද්ධත්වය , දිව්‍යත්වය හදවතේ තැන්පත් කරගෙන අප ශරීර අභ්‍යන්තරයේ සැඟව ඇති නිවන සොයා යන ගමනට මාර්ගෝපදේශකත්වය සපයමින් ශක්‌තියක්‌ වීම සායි ඉගැන්වීම් හි පදනමයි. සත්‍ය සායි බාබාතුමණන්a එතුමාගේ මනු වෙසින් මෙලොව පහළ වීමේ අරමුණ මෙසේ සඳහන් කරයි. මාගේ මේ ලොව පහළ වීම සිදු වූයේ ඔබට අධ්‍යාත්මික විමුක්‌ති සඳහා යමක්‌ ලබාදීමටය. නමුත් ඒ ලොව්තුරු වස්‌තුව ඉල්ලා සිටින්නේත්, ලබා ගන්නේත් මා සමීපයට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් ඉතාමත්ම සීමිත පිරිසකි. බහුතරය මගෙන් ඉල්ලන්නේ තව තවත් ලෝකය හා බැඳෙන ලෞකික දේමය යනුවෙනි. ඉතින් තණ්‌හාවට, අස්‌ථිර දේ ස්‌ථිර කරගන්නට ලොබ බැඳ සංසාර චක්‍රය දීර්ඝ කර ගැනුමට වඩා නිර්වාණ සම්පත්තිය පසක්‌ කරගන්නට සිත් යොමන්නේ නම් එතුමාගේ මෙලොව පහළ වීමේ අරමුණ ඵල දරනුq ඇත. පුහුදුන් මිනිසා පසිඳුරන් පිනවා සතුටු වන ලෝකයක ආධ්‍යාත්මික සංතුෂ්ටිය ලබා ගනිමින් එහි අගය වටහා ගනිමින් සසර බැඳි බැමි ලෙහා ගන්නට වෙරදැරීම ඉතාමත් දුෂ්කරය. නමුත් මෙම උඩුගං බලා පිහිනීම කෙතරම් අසිරු වුවත් අප කෙසේ හෝ ජීවිතයේ සැබෑ අරමුණු ජයගත යුතුමය. ජීවිතය දිනන්නට නම් ජීවිතය අවබෝධ කරගත යුතුය. ජීවිතය අවබෝධ කරගන්නට සැබෑ මගපෙන්වීමක්‌ අත්‍යවශ්‍යය. ඒ සඳහා අවැසි සවිය දිරිය ලබාගන්නටත් සැබෑ මාවත සොයා යන්නට දිරිබල සපයා ලොවට සෙත සෑදූ සත්‍ය සායි බාබාතුමාණන් 2011 අප්‍රේල් මස 24 වැනිදා මෙලොවින් නික්‌ම යළි විශ්වය හා එක්‌වූයේ මුළු ලොවක්‌ කඳුළු සයුරේ ගිල්වමිනි. දෙවියන්ට උපතක්‌ හෝ මරණයක්‌ නොමැති බවත් ලෝ වැසියන්ට යම් යම් අවස්‌ථාවන්වලදී පිහිට අවශ්‍ය විට විශ්ව ශක්‌තිය සංකේත රූපයක්‌ ලෙසින් මනුෂ්‍ය වෙසින් ලොව පහළ වන බවත්, අදාළ කාර්යය අවසන් වූ පසු යළිත් විශ්ව ශක්‌තිය හා මුසු වන බවත් සායි බාබාතුමා බොහෝ අවස්‌ථාවන්හිදී ප්‍රකාශ කොට තිබිණි. 85 වසරක්‌ පුරා සත්‍යය තුළ පිහිටීමේ අගය තුළින් ලබාගත හැකි ආධ්‍යාත්මික සැනසුම වෙත ලොව රැගෙන ගිය එතුමාට කළ හැකි ඉහළම නමස්‌කාරය නම් ප්‍රතිපත්ති ගරුකව නියමාකාරව තම තමන්ගේ මව් ධර්මයන්ට අනුව හැසිරෙමින් සැබෑ ආධ්‍යාත්මික සංතුෂ්ටිය කරා ගමන් කිරීමයි.

ලෝ සතට සෙත සෑදූ ශ්‍රී සත්‍ය සායි බාබාට සුබ උපන්දිනයක්‌ වේවා·

- කාංචන කොඩිතුවක්‌කු


දිව්‍ය ආනුභාවයෙන් යුක්‌තව උපන් අයෙක්‌

භගවාන් ශ්‍රී සත්‍ය සායිබාබා දිව්‍ය ආනුභාවයෙන් යුක්‌තව උපන් අයෙකි. දෙවියාට සේවය කිරීම යනු මිනිසාට සේවය කිරීම බව ඔහු අවධාරණය කළ දෙයකි. අපේ හදවත් දුකින් පෙළෙන සත්ත්වයන්ට සේවය කිරීමේ උතුම් පරමාර්ථය පෙරදැරි කර ගත යුතුය.

සායි අනුගාමිකයන් සායි දර්ශනයේ බලවේගය විය යුතුය. 1926 නොවැම්බර් 23 මෙලොව එළිය දුටු සායිබාබා සිරි ඔරෝබින්දු පැවසූ පරිදි හදවත් දැහැන කරවන දහස්‌ ගණන් ජනතාවගේ ගෞරවයට පාත්‍රවන සායි බාබා ක්‍රිෂ්නාගේ මනුලොව උත්පත්තියක්‌ හා සමානය.

සායි බාබාගේ 85 වැනි උපන් දින සැමරීම අපූර්ව සිද්ධියක්‌ ඉස්‌මතු කළේය. ඔහුගේ අසපුව මෙදින ස්‌ථිර ද්‍රව්‍ය යොදා ගනිමින් සරසන ලෙසට ඔහු ඔහුගේ ශිෂ්‍යයන්ට පැවසීය. මෙයට පෙර උපන් දිනයේදී එය සරසන ලද්දේ කාඩ්බෝඩ් වැනි තාවකාලික ද්‍රව්‍ය යොදා ගනිමිනි. එයට හේතු වුණේ ඒවා ඉවත් කිරීමට හැකි නිසාමය. එහෙත් මෙවර ස්‌ථිර ද්‍රව්‍ය යොදා ගේට්‌ටු ආදිය සකස්‌ කරන ලදී. ඒවා අද දක්‌වාත් පවතී. මේ ගේට්‌ටු ඉවත් කිරීමට සිසු පිරිස සැරසුන විට ඔහු විසින් එයට ඉඩ නොදෙන ලදී. එයින් අදහස්‌ වූයේ ඔහුගේ මරණය ස්‌ථිරව දැනගෙන සිටි බවයි.

එක්‌තරා අනුගාමිකයෙක්‌ (සායි බැතිමතෙක්‌) "ස්‌වාමීනි ඔබ අපට බොහෝ දේවල් ඉටු කර දෙයි. අපට අවශ්‍ය දේ ලබා දෙයි. අපව ආරක්‍ෂා කරයි. අපට මඟ පෙන්වයි. අප ඔබ වෙනුවෙන් ඔබට කළ යුත්තේ කුමක්‌ද? එක්‌ දෙයක්‌ කියන්න"

"සතුටුවන්න, සතුටුවන්න, සතුටුවන්න."

එස්‌. එන්. උදයනායහන්
ශ්‍රී සත්‍ය සායි මධ්‍යස්‌ථානය - කොළඹ 13
Powered By - 

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.